

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ... අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාණ්ඩයේ ජාතික මට්ටමේ තෙවන ස්ථානය දිනාගත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුල.. "විශිෂ්ඨ මහජන සේවයක් තුළින් තිරසාර සංවර්ධනයක්" යන දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනිමේ ගමන් මග තුළ අප ලද මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වන ලද කාර්යාලයීය කාර්යමණ්ඩලය වෙත හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා ලාභී සියළුදෙනා වෙත අපගේ ස්තුතිය පුද කර සිටිමු. |
![]() |
|||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
උඳුවප් ගී මියැසිය 2018
යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
6 වෙනි වරටත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උඳුවප් ගී මියැසිය අති සාර්ථකව පසුගියදා කාර්යාලීය භූමියේ දී පැවැත්විණි.
2018 දෙසැම්බර් මස හත් වෙනි සිකුරාදා(07) දින පෙරවරු 11.00ට පමණ උඳුවප් ගී මියැසියේ සමාරම්භක මොහොත සනිටුහන් කළේ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ සියලු දෙනා අතින් ඒකාලෝක කළ පොල්තෙල් පහන් සිළුවෙනි.
කාර්යාලයේ සියලුම නිලධාරීන් එනම් සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන් ග්‍රාම නිලධාරීන්,අන්තර් කාර්යය මණ්ඩලය එක්ව සහභාගි වන අප කාර්යාල පවුලේ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස උඳුවප් ගී මියැසිය හඳුන්වා දිය හැක්කේ වසර අවසානයේ සංගීතමය හෝරා කිහිපයක් අප එකට එක්ව ගත කරන නිසාවෙනි.
පූජා නර්තනයෙන් ආරම්භ වූ පසු වෙනදා වගේම උඳුවප් ගී මියැසිය සරසන ගායක සුරංග නලීන් මහතා "මේ ජීවනයේ" ගීයෙන් ගීත හෝරාව ආරම්භ කළේය. ගීතයට, නර්තනයට, නාට්‍යයට අප වේදිකාව මෙලෙස නිරන්තරයෙන් වෙන්කර දෙන්නා වූ ප්‍රාදේශීය ලේකම් ඩී. ආර්. කේ. හෙන්නායක මෙනවිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න මහතා ද එමෙන්ම අප පරිපාලන නිලධාරීතුමන්ද හදපිරි ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
අතිරේක දිස්ත්‍රික් ලේකම් එල්.පී.මඳනායක මහතා අප හා එක් වුණේ වැඩසටහන යන අතරමඟකදීය.එතුමා අතින් මෙවර රාජ්‍ය සේවා ක්‍රීඩා ශූරතා සම්මානය කාර්යාලීය නිලධාරීන්ට පිරිනැමුණි.
අනතුරුව දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ.පෙරේරා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) අයි.ඩී.පී.විජේතිලක මහතා, මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ.එල්.පී.මධුවන්ති මිය, නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මිය, නාවුල සහකාර ප්‍රාදේශීය ලේකම් සජිනි දසනායක මිය, මාතලේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සජීවා විතානගේ මිය, ප්‍රධාන ඉංජිනේරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පණ්ඩුල පල්ලෙකුඹුර මහතා, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එච්.එම්.ඩබ්.හේරත් මිය යන සියලුම මාණ්ඩලික නිලධාරීන් අප හා එක්වෙමින් උඳුවප් ගී මියැසියට නව අරුතක් ගෙනත් දුනි.
ඔවුන් අතරින්ද මාතලේ ප්‍රාදේශීය ලේකම් මධුවන්ති මහත්මිය එමෙන්ම පණ්ඩුල පල්ලෙකුඹුර මහතා සුමියුරු ගීත ගයමින් උඳුවප් ගී මියැසිය ආලෝකමත් කළා.
කෙසේ වෙතත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුලේ සියලුම නිලධාරීනගේ සුහදශීලී එකමුතුකම මත සුවිශේෂී හැකියාවක් තුළින් එක්ව දියත් කරන ලද තවත් සුන්දර උඳුවප් ගී මියැසියක් මෙලෙසින් නිමාවට පත්වුනේ ඉතිහාසයට සොඳුරු මතකයක් එක් කරමිණි.
සංවර්ධන නිලධාරී
සමන්ති ප්‍රේමරත්න

We are very pleased to inform you that we have won the third place at National Productivity Awards 2018 for the second Consecutive time. National Productivity Awards is biannually organized by National Productivity Secretariat.
We extend our gratitude to all the stakeholders who support us to win this prestigious award.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2018
මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල පසුගිය දින ඉතා උත්කර්ෂවත් අන්දමින් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
මෙවරත් 2018 වර්ෂෙය් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ලබා ගැනීමට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැකියාව ලැබිණි.
2018 නොවැම්බර් මස 27 වන දින බර්නාඩ් ක්‍රීඩාංගනයේදී මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) අයි.ඩී.පී.විජේතිලක මහතාගේ ප්‍රමුඛත්වයෙන් වොලිබෝල් තරඟාවලිය ආරම්භ විය.
මෙහිදී කණ්ඩායම් කිහිපයක් සමඟ තරඟ වදිමින් අවසන් මහා තරගයට තේරී පත්වූයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාන්තා වොලිබෝල් කණ්ඩායම සහ මාතලේ සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ කාන්තා කණ්ඩායමයි .ඉතා තියුණු තරඟයකින් අනතුරුව රාජ්‍යසේවා කාන්තා වොලිබෝල් ශූරතාවය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිනා ගනිද්දී අප ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එහි අනුශූරතාව හිමිවිය .එමෙන්ම මෙහිදී 2018 රාජ්‍ය සේවා වොලිබෝල් (පිරිමි) ශූරතාවය අත් වූයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි.
2018 නොවැම්බර් මස 28 වන දින එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී කාන්තා දැල්පන්දු තරඟාවලිය ආරම්භ විය.එහිදී කණ්ඩායම් සියල්ලම ඉතා දක්ෂ ලෙසින් සහ සුහදශීලීව තරඟ බිමට එක් වුණි.මෙහිදී තරඟ වට කිහිපයකින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.ඉතා තියුණු මෙන්ම අතිශයින් අලංකාර දැල්පන්දු තරඟයක් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ගලා ගියා.අවසානයේ එහි ශූරතාව දිනා ගන්නට යටවත්ත කාර්යාල පවුලේ කාන්තාවන්ට හැකිවූ අතර වූ අතර අනු ශූරතාව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාන්තා කණ්ඩායමට හිමි වුණා.
29,30 දෙදින පුරාවට ක්‍රියාත්මක වූයේ රාජ්‍යසේවා මලල ක්‍රීඩා තරඟාවලියයි.එයින් ද සමස්ත පිරිමි ශූරතාවය හා කාන්තා අනුශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ හපන්නු ලබා ගත්තේ මහත් අභිමානයෙන් යුක්තවයි.
2018.11.30 වන සිකුරාදා දින පස්වරු 7.00ට පමණ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී රාජ්‍යසේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල පැවැත්වූයේ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) අයි.ඩී.පී.විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.
සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව ක්‍රියාත්මක වුණු 2018 මාතලේ රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනූ සම්මානය මේ උත්කර්ෂවත් අවස්ථාවේ යටවත්ත ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ඩී.ආර්.කේ.හෙන්නායක මෙනවියට සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.කේ.පී.ආරියරත්න මහතාට තිළිණ කළේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) අයි.ඩී.පී.විජේතිලක මහතා විසිනි.
එදින රාජ්‍ය සේවා අනුශූරතාවය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමිවිය.
සියලු දෙනාගේ ඔල්වරසන්,ප්‍රීති ඝෝෂා මධ්‍යයේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ අහසට එක්ව ගිය රතිඤ්ඤා හඬ සහ මල් වෙඩි මැද්දේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුලේ සමස්ථ එකමුතුකම සහ සබැඳියාවේ තවත් ප්‍රතිඵලයක් එලෙස ඉතිහාසයට එක්ව ගියා.ඒ අනුව 2018 රාජ්‍ය සේවා ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ගෙන එන්නට අපේ හපන්නුන්ට හැකි වුණා.
සංවර්ධන නිලධාරී
සමන්ති ප්‍රේමරත්න

































