ඉඩම් සම්බන්ධ විස්තර
✅ අදාල අංශයේ දුරකතන අංකය☎️ 0664933235
ජීවිත භුක්තිය ඉල්ලීම
ජීවිත භුක්තිය ඉල්ලීම
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදී ඇති දීමනාපත්‍රයක ජීවිත භුක්තිය ඉල්ලීම.
✔️ ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලීම් ලිපිය.
✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔️ දීමනා පත්‍රයේ ග්‍රාම නිලධාරි විසින් සහතික කල පිටපත.
✔️ දීමනාපත්රයට අදාල පත්ඉරුවේ මුල් පිටපත ඉදිරිපත් කල යුතු අතර මෙම පත්ඉරුව දීමනාපත්‍රය අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව මුලින්ම ලියාපදිංචි කල දිනයේ සිට වර්තමානයේ ලියාපදිංචිය දක්වා වූ සියලුම කාලය තුළ පත්ඉරු ඉදිරිපත් කල යුතුය.
✔️ දීමනාපත්‍රකරුගේ මරණ සහතිකයේ පිටපත.
✔️ විවාහ සහතිකය.
✔️ ජීවිත භුක්තිය ඉල්ලුම්කරුගේ ග්‍රාම නිලධාරි මඟින් සහතික කල ජාතික හැඳුනුම්පත.
✔️ උපත්,විවාහ සහ මරණ ලේඛණ ලියාපදිංචිය නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමඟ විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. (හිස් ප්‍රතිඵල සටහනේ එහි ඇතුළත් තොරතුරු සනාථ කිරීමට රු.50/= ක මුද්දර මත අත්සන් කළ සමාදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. ග්‍රාම නිලධාරි වාර්තාව මෙම කොට්ඨාශයට අයත් නොවේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් මඟින් අනු අත්සන් කරවා ඉදිරිපත් කළ යුතුය.)
✔️ විවාහ සහතික නොමැති අවස්ථාවල දරුවකුගේ උප්පැන්න සහතිකයක ග්‍රාම නිලධාරි සහතික කල පිටපත.
✔️ හිස් ප්‍රතිඵල සටහනේ එහි ඇතුළත් තොරතුරු සනාථ කිරීමට රු.50/= මුද්දර මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරයෙකු මඟින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. ( ග්‍රාම නිලධාරි වාර්තාව මෙම කොට්ඨාශයට අයත් නොවේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් මඟින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය.)
✔️ ඉදිරිපත් කරන ලේඛණ වල සඳහන් තොරතුරු වල වෙනසක් ඇතිනම් නම් වෙනස සඳහා රු.50/= මුද්දරයක් මත අත්සන් කල සමාදාන ව්නිශ්චයකාරවරයෙකු මඟින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි වාර්තාවක් ඉදිරිපත් කල යුතුය.
✔️ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කල පිටපත.
මුල් උරුමය සහතික කිරීම
මුල් උරුමය සහතික කිරීම
බලපත්‍රයේ / දීමනාපත්‍රයේ මුල් උරුමය ලබාදීම
✔️ ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලීම් ලිපිය.
✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔️ දීමනාපත්‍රයේ පිටපත.
✔️ පත්ඉරු පිටපත (දීමනාපත්‍රයේ මුල් ලියාපදිංචියේ සිට අවසානය දක්වා)
✔️ දීමනාපත්‍රකරුගේ මරණ සහතික මුල් පිටපත.
✔️ දීමනාපත්‍රකරුගේ කලත්‍රයාගේ මරණ සහතික පිටපත.
✔️ ඉල්ලුම්කරු දීමනාපත්රකරුට ඇති ඥාතීත්වය සනාථ කිරීමේ ලේඛණය උප්පැන්න/විවාහ සහතික.
✔️ උප්පැන්න/විවාහ සහතික නොමැති අවස්ථාවල නිත්‍යානුකූල උරුමකරු බවට සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශ.
✔️ පසු උරුමය නම් කර ඇති අවස්ථාවල ඉ.කො. 155 ආකෘතිය.
✔️ නිත්‍යානුකූල උරුමකරු බවට සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශ.
✔️ ඉදිරිපත් කරන ලේඛණ වල නම් වෙනසට දිවුරුම් ප්‍රකාශ.
✔️ ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත් පිටපත
⚠️️ මරණ සහතික / උප්පැන්න සහතික නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමඟ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
පසු උරුමය නම් කිරීම
පසු උරුමය නම් කිරීම
ඉඩමේ පසු උරුමය නම් කිරීම.
✔️ ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලීම් ලිපිය.
✔️ ග්‍රාම නිලධාරී නිර්දේශ කළ, සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔️ දීමනාපත්‍රය/පැවරුම් ඔප්පුව/ මුල් උරුම ලේඛන ඡායා පිටපත්.
✔️ ඉඩමට අදාල සම්පූර්ණ පත් ඉරු.
✔️ නම් කරන පසු උරුමකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් ඡායා පිටපත්.
✔️ පසු උරුමකරුවන්ගේ ඥාතිත්වය සනාත කිරීම සඳහා උප්පැන්න සහතික / විවාහ සහතික/ඉඩම් රෙජිස්ටාර්ගෙන් ලබා ගත් මුල් පිටපත්.
✔️ නම්වල වෙනසක් ඇතිකම් දිවුරුම් ප්‍රකාශ.
✔️ උපදෙස් පරිදි නිවැරදිව සම්පූර්ණ කරන ලද අනුප්‍රාප්තිය නම් කිරීමේ ආකෘති පත්‍ර.
✔️ පිඹුරක් (ප්ලෑනක්) අනුව නම් කිරීම සිදුකරන්නේ නම් එහි පිටපතක්.
⚠️️ ඡායා පිටපත් සියල්ල ග්‍රාම නිලධාරි මඟින් සත්‍ය පිටපත් ලෙස සහතික කරවා ගෙන ඉදිරිපත් කරන්න.
මූල්‍ය ආතනයක ඇපයට තැබීම
මූල්‍ය ආතනයක ඇපයට තැබීම
දීමනාපත්‍ර ඉඩමක් මූල්‍ය ආයතනයක ඇපයට තැබීම
✔️ ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලීම් ලිපිය.
✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔️ දීමනාපත්‍රයේ ග්රාමනිලධාරි විසින් සහතික කල පිටපත.
✔️ හිමිකම් සහතිකයක් ඇත්නම් එහි සහතික කරන ලද පිටපත.
✔️ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුව.
✔️ බැංකුවෙන් ලබාගත් ලිපිය (අනුමත මූල්‍ය ආයතනයක් විය යුතුය)
✔️ දීමනාපත්‍රකරුගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කල පිටපත.
✔️ කලත්‍රයා හා දරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශය.
පවරා ගැනීම සඳහා අවසර ඉල්ලීම
පවරා ගැනීම සඳහා අවසර ඉල්ලීම
ඉඩම / ඉඩමේ කොටසක් පවරා ගැනීම සඳහා අවසර ඉල්ලීම
✔️ ඉඩම් පැවරීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.සම්පූර්ණ ඉඩම පවරන්නේ නම් ඒ බවද, ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පවරන ඉඩම් ප්‍රමාණයද ඉල්ලීම් ලිපියට ඇතුළත් කළ යුතුය.
✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔️ දීමනාපත්‍රයේ ග්‍රාම නිලධාරි විසින් සහතික කල පිටපත.
✔️ දීමනාපත්රයට අදාළ පතිඉරුවේ මුල් පිටපත ඉදිරිපත් කල යුතු අතර, පත්ඉරුව දීමනාපත්‍රය අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව මුලින්ම ලියාපදිංචි කල දින සිට වර්තමාන ලියාපදිංචිය දක්වා වූ සියළුම කාලය තුල පත්ඉරු විය යුතුය.
✔️ පැවරුම්කරුට පවරන ඉඩම හැර වෙනත් ඉඩම් තිබෙන බවට සනාථ කිරීම සඳහා ඔප්පු පිටපත හා එයට අදාළ පත්ඉරුව ( ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පැවරුම්කරුට වෙනත් ඉඩම් තිබෙන බව සනාථ කිරීම සඳහා ලේඛණ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.)
✔️ ඉඩම පවරන්නේ ඥාතියකුට නම්( දරුවකුට/මුණුපුරෙකුට/මිණිපිරියකට/සහෝදරයෙකුට/සහෝදරියෙකුට) ඥාතිත්වය සනාථ කිරීමට ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
✔️ ඉඩම පැවරීම සම්බන්ධ කලතුයාගේ සහ දරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
✔️ කලත්‍රයා බව සනාථ කිරීම සඳහා විවාහ සහතිකයේ මුල් පිටපතක්.
✔️ දරුවන් බව සනාථ කිරීම සඳහා උප්පැන්න සහතික වල මුල්පිටපත්.
✔️ කැමැත්ත ප්‍රකාශිත ලිපි ඉදිරිපත් කිරීමේ දී එම අය මෙම කොට්ඨාශයේ පදිංචි නොමැති නම් පදිංචි වසමේ ග්‍රාම නිලධාරි මඟින් සහතික කර එම කොට්ඨාශයේ ප්‍රදේශීය ලේකම් මඟින් අනු අත්සන් කරවා ඉදිරිපත් කළ යුතුයි.
✔️ කලත්‍රයා සහ දරුවන් මිය ගොස් නම් ඒ බව සනාථ කිරීමට මරණ සහතික පිටපත් ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ඉදිරිපත් කල යුතුයි.
✔️ ඉඩම නිරවුල්ව භුක්ති විඳින බවට ග්‍රාම නිලධාරි මඟින් සහතික කරන ලද ලිපිය.
✔️ පැවරුම්ලාභියාට වෙනත් ඉඩමක් නොමැති බවට ලබාගත් ලිපිය (මෙම කොට්ඨාශයට අදාළ නොවේ නම් එය අදාළ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් මඟින් අනු අත්සන් කරවා ඉදිරිපත් කළ යුතුය.)
✔️ ඉදිරිපත් කළ ලේඛණ වල නම් වල වෙනසක් ඇතිනම් වෙනස සඳහා රු. 50 ක මුද්දරයක් මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරවරයෙකු මඟින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක්.
✔️ උපන්, විවාහ සහ මරණ ලේඛණ ලියාපදිංචි වී නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමඟ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
✔️ පැවරුම්කරුගේ සහ පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත් පිටපත් ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
✔️ පැවරුම්ලාභියාට වෙනත් ඉඩම් නොමැති බවට ඔහු විසින් ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශයක් දිවයිනටම සාමවිනිසුරුවරයකු මඟින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
✔️ පැවරුම්ලාභියා ඉඩම පිහිටි වසමෙහි නොමැතිව වෙනත් වසමක පදිංචි නම් පැවරුම්ලාභියාගේ සහ කලත්‍රයාගේ ආදායම/වෙනත් ඉඩම් නොමැති බවට පදිංචි වසමෙන් ලබාගත් ග්‍රාම නිලධාරි වාර්තා අදාළ ප්‍රාදේශීය ලේකම් මඟින් අනු අත්සන් කර ඉදිරිපත් කල යුතුය.
✔️ පැවරුම්ලාභියා අවිවාහක නම් දෙමාපියන්ගේ ආදායම, දෙමාපියන්ට ඇති වෙනත් ඉඩම් පිළිබඳ පදිංචි වසමෙන් ලබාගත් ග්‍රාම නිලධාරි වාර්තා අදාළ ප්‍රාදේශීය ලේකම් මඟින් අනු අත්සන් කර ඉදිරිපත් කල යුතුය.
















