වැඩිහිටි හැඳුනුම්පත්(අවු.60ට වැඩි)
වැඩිහිටි හැඳුනුම්පත්(අවු.60ට වැඩි)
වැඩිහිටි හැඳුනුම්පත් ලබා ගැනීම (අවු.60ට වැඩි)වැඩිහිටි හැඳුනුම්පත් ලබා ගැනීම (අවු.60ට වැඩි)
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔ උප්පැන්න සහතිකයේ පිටපත හෝ ජාතික හැඳුනුම්පත.▪️නොමැති නම්, වයස තහවුරු කර දිවුරුම් ප්‍රකාශය.
✔ මුද්දර ප්‍රමාණයේ රතු පසුබිමේ ලබා ගන්නා ලද ඡායා රූප දෙකක්.(02)
වැඩිහිටි ජීවනාධාර (අවු.70ට වැඩි)
වැඩිහිටි ජීවනාධාර (අවු.70ට වැඩි)
අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබා ගැනීම (අවු.70ට වැඩි)
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත
✔ උප්පැන්න සහතිකයේ පිටපත හෝ ජාතික හැඳුනුම්පතේ පිටපත හෝ වැඩිහිටි හැඳුනුම්පතේ පිටපත.
▪ නොමැතිනම්, වයස තහවුරු කර දිවුරුම් ප්‍රකාශය.
වකුගඩු දීමනා (මධ්‍යම රජය)
වකුගඩු දීමනා (මධ්‍යම රජය)
වකුගඩු රෝගීන් සඳහා රු.3,000.00ක ජීවනාධාර ලබාදීමවකුගඩු රෝගීන් සඳහා රු.3,000.00ක ජීවනාධාර ලබාදීම
✔ ඉල්ලීම් ලිපිය.
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔ වෛද්‍ය වාර්තාව.
වෛද්‍ය ආධාර (මධ්‍යම රජය)
වෛද්‍ය ආධාර (මධ්‍යම රජය)
දීර්ඝකාලීන ඖෂධ ලබා ගැනීම සඳහා වෛද්‍ය ආධාර ලබා ගැනීම දීර්ඝකාලීන ඖෂධ ලබා ගැනීම සඳහා වෛද්‍ය ආධාර ලබා ගැනීම
✔ වෛද්‍ය ආධාර ඉල්ලීම් ලිපිය.
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔ මෙම අයඳුම්පත්‍රයේ 15.4 වගන්තියේ ඔබට අවශ්‍ය කාලයද, 15.6 වගන්තියේ රජයේ රෝහලේ නොමැති ඖෂධ වර්ගද සටහන් කර ගන්න. ඒ අනුව වෙනම, දිනකට අවශ්‍ය ඖෂධ වට්ටෝරුවක් වෛද්‍යවරයාගේ සහතික සමඟ අවශ්‍ය වන බවද සලකන්න.
✔ තවද එම ඖෂධ වට්ටෝරුව අනුව ඔබගේ පදිංචියට ආසන්නව ඇති රජයේ "ඔසුසලින්" ඖෂධ සඳහා මාසික ඇස්තමේන්තුවක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
✔ එම ඖෂධ "ඔසුසලේ" නොමැති නම්, ඒ බවට ලිපියක් සහ වෙනත් පෞද්ගලික ආයතන දෙකකින් අවශ්‍ය ඖෂධ සඳහා ඇස්තමේන්තු දෙකක් ද ඉදිරිපත් කරන්න. ඔබට අවශ්‍ය ඖෂධ සඳහා වෙන් කරදෙන ලද "ඔසුසලින්" වෙනත් "ඔසුසලකට" මාරු කිරීම සඳහා කරන ඉල්ලීම් සලකා නොබලන බව කරුණාවෙන් සලකන්න. ප්‍රදේශයේ රජයේ ඔසුසලක් නොමැති නම්, ඒ බව සමාජ සේවා නිලධාරී විසින් වාර්තා කිරීම අවශ්‍ය වේ.
✔ මාසික සායන වලට යෑමට - ඒමට මුදලක් අයඳුම් කරන්නේ නම්, රෝහලේ වෛද්‍යවරයා විසින් ඒ බව සහතික කළ යුතු අතර සමාජ සේවා නිලධාරීගේ නිර්දේශයද වරකට/මසකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම්තුමා ලවා සහතික කළ යුතු බවද සලකන්න.
▪ ඉහත සඳහන් ලියවිලි වල අඩුපාඩු වෙතොත් ආධාර ලබාදීම ප්‍රමාද වීමට හෝ නොහැකි වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
තනි මාපිය අධ්‍යාපන ආධාර
තනි මාපිය අධ්‍යාපන ආධාර
තනි මාපිය පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීමතනි මාපිය පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීම
✔ ඉල්ලීම් ලිපිය.
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔ වෛද්‍ය වාර්තාව.
✔ අවශ්‍ය ආධාර මුදල් යටතේ අවශ්‍ය පාසල් උපකරණ වල ඇස්තමේන්තුව.
ගර්භණී මව්වරුන්ට පෝෂණ මුද්දර
ගර්භණී මව්වරුන්ට පෝෂණ මුද්දර
ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා සඳහා රු.20,000ක් වටිනා පෝෂණ දීමනාව ලබා ගැනීමට
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.(වසම්භාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක
✔ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විසින් සහතික කරන ලද ගර්භණී සටහන් පත්‍රයේ පිටපත.
✔ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයට බාර දෙන්න.
ආබාධිතයින් සඳහා ස්වයං රැකියා ආධාර
ආබාධිතයින් සඳහා ස්වයං රැකියා ආධාර
ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර ඉල්ලීමආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
✔ ඉල්ලීම් ලිපිය.
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔ වෛද්‍ය වාර්තාව.
ආබාධිතයින් සඳහා ආධාරක උපකරණ
ආබාධිතයින් සඳහා ආධාරක උපකරණ
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබාදීමආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබාදීම
✔ ඉල්ලීම් ලිපිය.
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
✔ වෛද්‍ය වාර්තාව.
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය
ස්වේඡ්චා සංවිධාන ලියාපදිංචියස්වේඡ්චා සංවිධාන ලියාපදිංචිය
✔ ලියාපදිංචිය සඳහා වන ඉල්ලීම් ලිපිය.
✔ සම්පූර්ණ කරන ලද අයදුම්පත.
✔ ආයතනයේ ව්‍යවස්ථාව.
✔ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය / ක්‍රියාත්මක තොරතුරු (අයවැය විස්තර සමඟ)
✔ නිලධාරි මණ්ඩල තොරතුරු (නම, තනතුර, ලිපිනය, ජා.හැ.අං.)
✔ සාමාජික නාම ලේඛනය (නම, ලිපිනය, ජා.හැ.අං.)
✔ පළමු රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය.
✔ ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය.
✔ පෙර ලියාපදිංචි ඇතිනම් එම ලියාපදිංචි සහතික වල පිටපත් (තිබේ නම්)
✔ අවසන් වරට පවත්වන ලද රැස්වීම් වාර දෙකක වාර්තා හා පැමිණීමේ අත්සන් ලේඛන.
✔ සහතික කරන ලද විගණන වාර්තාව (තිබේ නම්)
දහම් පාසල් ලියාපදිංචිය
දහම් පාසල් ලියාපදිංචිය
විහාරස්ථ දායක සභා ලියාපදිංචියවිහාරස්ථ දායක සභා ලියාපදිංචිය
✔ සම්පූර්ණ කරන ලද අයඳුම්පත
✔ දායක සභාපති තෝරාගැනීම ව්‍යවස්ථාව අනුකූල වීම.
✔ අදාළ බැංකු ගිණුම පිළිබඳ විස්තර සම්පූර්ණ කිරීම.
✔ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන හා නිල මුද්‍රාව තිබීම.
✔ නිලධාරි මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත වීම.
✔ ගරු ලේකම්/ගරු සභාපති හා නිලධාරින්ගේ අත්සන් තිබීම.
✔ විහාරස්ථාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ බවට වූ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළයුතු වේ. එම සහතිකයේ සඳහන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ නොව වෙනත් ස්වාමීන් වහන්සේ නමක් දැනට විහාරාධිපති ධූරය දරන්නේ නම් ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් පිළිගත් බව දැනුම් දුන් ලිපියේ පිටපතක් අමුණා එවිය යුතුය.
✔ සභාපති ධූරය සඳහා විහාරාධිපති නොව වෙනත් සිවාමීන් වහන්සේ නමක් පත් කරන්නේ නම් එවිට විහාරාධිපති හිමි විසින් ලබා දෙන බලය පැවරූ ලිපිය ඉදිරිපත් කළ යුතුය. - එම ලිපිය ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතුය.
















