![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2019 වසර ආරම්භ වූ ජනවාරි මස 01 වන අඟහරුවාදා සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මෙහි ප්‍රධාන නිල උත්සවය ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අද දින පෙ.ව.9.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.
ඊට සමගාමීව අද දිනයේ මාතලේ යටවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මුලින්ම 2019 වසරට සෞභාග්‍ය කැන්දමින් කිරි ඉතිරීමේ කර්තව්‍ය කාර්යාල භූමියේදී පැවැත්විණි.
අනතුරුව ප්‍රාදේශීය ලේකම් ඩී.ආර්.කේ.හෙන්නායක මෙනවියගේ ප්‍රධානත්වයෙන් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගයන්නට කාර්යාල පවුලම එකට එකතු වුණා.
යුග ගණනාවක් ලේ,දහඩිය,ජීවිතය පුදා මෙරට රැක ගන්නට ඇප කැපවුණු රණවිරුවන් හා දිවි කැප කළ පිරිස වෙනුවෙන් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් වෙන් කරන්නට යෙදුණි.
මීළඟට එළඹුණේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රතිඥාව ලබාදීමයි.අදින් ඇරඹෙන නව වසරේ එකම රටක්,එකම දැයක් තුළ එක කොඩියක් සෙවණේ කාර්යක්ෂමව සඵලදායීව තිර අදිටනින් යුතුව මහජනතාවට පක්ෂපාතීව සේවය කරන්නට අපි ප්‍රතිඥා දී දිවුරුම් දුන්නා.
ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් ඩී.ආර්.කේ.හෙන්නායක මෙනවිය කාර්යාල පවුල අමතමින් සියලු සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන් ඇතුළු සමස්ත යටවත්ත කාර්යාල පවුලටම සුභාශීංසන එක් කළාය.
එමෙන්ම සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.කේ.පී.ආරියරත්න මහතාද පරිපාලන නිලධාරීතුමාද,කාර්යාල පවුලේ සාමාජිකයින්ට සුබ පැතීය.
සැලසුම් අධ්‍යක්ෂතුමිය,පරිපාලන ග්‍රාම නිලධාරීතුමා හා මූලස්ථාන කළමනාකාරතුමියද සියලු දෙනාටම සුභාශීංසන ගෙන ආවේ ඉන් අනතුරුවයි.
මෙම වැඩසටහනින් පසුව 2019 කාර්යාලීය කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් සියළු දෙනාට සෙත් පතා පිරිත් සඣ්ජායනාවක් පැවැත්විණි.ඒ සඳහා කොට්ඨාසයේ ලේඛකාධිකාරී වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය අප කාර්යාල පවුල හා එක් වූ අතර අනතුරුව සියලුම නිලධාරීන් සඳහා අලුත් අවුරුදු උදානයේ තේ මේසය ආරම්භ විය.
අප කාර්යාල පවුලේ සියලු දෙනාම 2019 වර්ෂයේ සියලු වැඩකටයුතු ඉතා සාර්ථකව මේ අයුරින් සමාරම්භ විය.
සමන්ති ප්‍රේමරත්න,
සංවර්ධන නිලධාරී.
නවග්‍රහ බලි ශාන්ති කර්මය -
2018.11.09 වන දින පැවති සම්ප්‍රදායික බලි ශාන්ති කර්මය, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන සහිතව යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගිය මස 09 වන දින එනම් 2018 වර්ෂයේ නොවැම්බර් මස නව වැනි සිකුරාදා දින රාත්‍රී 8.00 සිට පසුදා පහන් වන තුරු සාම්ප්‍රදායික බලි ශාන්ති කර්මයක් පැවැත්විණි.
අද සමාජයෙන් ක්‍රමයෙන් තුරන් වී ගෙන යන බලි ශාන්ති කර්මය වැනි සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ඉස්මතු කරමින් සමාජගත කරන්නට අප අරමුණු කළේ හුදෙක් වැඩසටහනක් පමණක්ම නිසා නොව පාසල් වයසේ දරුවන්ට මේ ගැන නොදන්නා උදවියට යම් අවබෝධයක් ද ලබා දීමේ අභිප්‍රායෙනි.
බලියට දිගු ඉතිහාසයක් ඇතිමුත් එහි හිමිකම ඉන්දියාව සතුය.ඉන්දියාවේ මහා සම්මත රජතුමාගේ පුත් සුදර්ශන කුමරු හීනයක් දැකීම නිසා බිය වීම මත, එය දුරැලීම උදෙසා බලි යාගයක් පැවැත්වූ බව ඉතිහාසය පවසයි.කෙසේ වෙතත් එදා සෘෂිවරුන්ට පඬිවරුන්ට කෙරුණ බලි ශාන්ති කර්මය පසුකාලීනව ලංකාවේ රාජ රාජ මහා අමාත්‍යයන් ක්‍රමයෙන් පවත්වා ගෙන ආවේය.කෙසේ වෙතත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ එදින පැවැති බලි ශාන්ති කර්මයට පූර්ණ සම්පත් දායකත්වය ලබා දුන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ බලි ඉදිරිපත් කරන තල්ගහගොඩ සාලිය මහතා සහ රතලවැව ඊ.එම්.ජී.සිරිපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමයි.ඒ අතර සාලිය,මංජුල,එරන්ද,පලිවිට එස්.එම්.ජී.සිරිසේන,සිරිනාම,ඊ.එම්.ජී.සිරිපාල,සරත් විජේසිරි යන මහත්වරුන් යන කණ්ඩායම රැය පහන් වන තුරු බලි ශාන්ති කර්මයේ නිමග්න විය.තල්ගහගොඩින් හුඹහ පේ කොට යොදා ගත් නැකතකට අනුව පාන්දරින්ම හුඹස් මැටි ගෙනත් දුන් පසු සිරිපාල මහතා විසින් අප කාර්යාලයේ පුවක් රීප්ප වලින් තනා ගත් යහනාවක එම හුඹස් මැටි ආධාරයෙන් ඉතා අලංකෘත දේව රූපයක් අඹන ලදි.ඒ සඳහා ඔහු විසින් විවිධ වර්‍ණ සංයෝග කර ගනිමින් පුරා හෝරා 8ක් පමණ දැඩි මහන්සියෙන් හා උද්යෝගයෙන් එම නිර්මාණය අඹන ලදි.එදා කෝට්ටේ යුගයේ ශ්‍රී රාහුල හිමියන් ප්‍රමුඛ කණ්ඩායමක් මැඳිහත් වෙමින් මෙම බලි ශාන්ති කර්මය භාෂා 06කට පරිවර්තනය කරමින් බුදු ගුණ ඇතුලත් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

එතැන් සිට සියලුම වස් දොස්,අපල උපද්‍රව දුරු වන්නට විශේෂයෙන් පන්සල්වල මෙම බලියාගය පවත්වන ලදි.අප කාර්යාලයේ රැය පහන් වන තුරුම සුමිහිරි බෙර වාදන මධ්‍යයේ බලියෙහි කඩතුරාව හරිමින් බුදුගුණ සහිත ශ්ලෝක,සන්නස් ඇසෙන්නට වූයේ අප හදවත් වල පුරාණ සංස්කෘතිකාංගයක අභිමානය යළි යළිත් නිදන් කරවමිනි.
නමස්කාරය, දේවාරාධනාව, පිරිත්ටුව, කඩතුරාව, පන්දම් කවි, අටමගල, මල බුලත් කොටුව, සන්න, ශ්ලෝක, අෂ්ටක, ගායනා, ග්‍රහයින්ට ආදී විවිධ ගීතිකා ඉතා මිහිරි අයුරින් අපට අසන්නට ලැබුණි.
පසුදා පහන් වූ “සඳ අවනත්තර හරිනවා” යනුවෙන් දෙහි පැඟිරි කපා බලිය අවසන් කෙරුණි.සුවිශේෂී ශාන්ති කර්මයක් ලෙස දැඩි කැපවීමකින් යුක්තව තල්ගහගොඩ බලි පරපුර සහ ලැහැඹ සිරිපාල මහතා ප්‍රමුඛ මෙම කණ්ඩායමෙන් අප ලද අත්දැකීම සැබෑ ලෙසම නැවුම් විධිමත් අත්දැකීමක් වුණි.මෙම කාර්යාලයට, කොට්ඨාසයට සෙතක් ශාන්තියක් උදෙසා මෙන්ම තුරන් වී යන චිරන්තන සම්ප්‍රදායන් විධිමත්ව සමාජගත කිරීමේ අභිලාසයෙන් අප දැරෑ උත්සහය සාර්ථක විය.ඒ අනුව නව ග්‍රහ බලි ශාන්ති කර්මය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුල එකට එක්වී සිදු කළ තවත් උතුම් මෙහෙවරක් ලෙස ඒකාලෝක විය.
![]() |
![]() |
![]() |
![]() |
සමන්ති ප්‍රේමරත්න.
සංවර්ධන නිලධාරී.
Divisional Literary Arts Festival will be held by the Divisional Secretariat Yatawatta on 04th October 2018
![]() |
|
![]() |
|

































