දිවයිනේ ප්‍රථම වරට රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන WhatsApp ChatBot සේවාව නව හැඩයකින් Open AI තාක්ෂණය සමග ...දිවයිනේ ප්‍රථම වරට රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන WhatsApp ChatBot සේවාව නව හැඩයකින් Open AI තාක්ෂණය සමග ...වට්ස්ඇප් වෙත පිවිසීමට පහත සබැඳිය touch කරන්න..???https://wa.me/741012996/
chatbot

news1101. යටවත්ත වීර පරාක්‍රම ජාතික පාසල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාවක් ැයි මස 26 වන සිකුරාදා දින පෙ.ව. 9.00 සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කර යටවත්ත වීර පරාක්‍රම ජාතික පාසල වෙත වැඩම ිරිමට කටයුතු සැලසුම් කර ඇත. මේ සඳහා යටවත්ත ශාසනාරක්ෂක බලමණඩලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 60 නමක් සහභාගි වීමට නියමිතය.

02. යටවත්ත ප්‍රාදේශීය සභාවෙි නිලධාරින් සඳහා රාජ්‍ය අංශයේ නව්‍යකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.18 වන දින පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ඵලදායිතා අංශය විසින් ලබාදේ.

03. යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා විගණනය 2023.05.19 වන සිකුරාදා දින පෙ.ව.9.30 සිට සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැ්. එම විගණන වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ඵලදායිතා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර සියලුම අංශ කව මට්ටමින් ඒ සඳහා සූදානම් වන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමිය දන්වා සිටී.

04. ඩෙංගු ව්‍යප්තිය මර්ධනය සඳහා නිවාස පරීක්ෂාව 2023.05.16 දින උඩගම වසමේදී ද, 18 දින ගලගම වසමේදී ද, 19 උඩගම බටහිර වසමේදී ද, 23 දික්කුඹුර වසමේදී ද, 25 දෙල්ගොල්ල වසමේදී ද පැවැත්වේ.

05. ජංගම දුරකතන අවභාවිතය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.19 වන දින මාතලාපිටිය විදුහලේදී සංව්න නිලධාරී ප්‍රජා විශෝධනගේ සංවිධානයෙන් පැවැත්වේ.

06. 2023.05.16 දින පෙ.ව.10.00ට මැඳියාපොල වසමේ දී “මුළුතැන්ගෙයි ඖෂධාගාරය” මැයින් කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් පළාත් වනිතා නිලධාරිගේ සංවිධානයෙන් පැවැත්වේ.

07. 2023.05.19 දින සබන් නි්දන පුහුණු වැඩසටහන දීවිල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේදී විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වයෙන් එදින පෙ.ව.10.00ට පළාත් වනිතා නිලධාරිගේ සංවිධානයෙන් පැවැත්වේ.

08. 2023.05.18 දින උදේ 10.00 සිට ඩන්ගන් විහාරස්ථානයේ දී වැඩිහිටි බලමණ්ඩලය හා කොට්ඨාසයේ සියලුම වැඩිහිටි සමිති ඒකරාශි කරගනිමින් වැඩිහිටියන් සඳහා අධිෂ්ඨාන පූජා වැඩසටහනක් පැවැත්වේ. එදින ශාංඝික දානයක් හා වැඩිහිටියන් සඳහා දිවා ආහාරය ද ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති දන්වා සිටී.

09. කෘෂිකර්ම අංශය මගින් සංවිධානය කරන ලද පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පවත්වනු ලබන පොල් වගාවේ රෝග හා පලිබෝධ මර්ධනය පිළිබඳව පුහුණු වැඩසටහන 2023.05.15 දින පෙ.ව.9.30 සිට කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි.

10. 8,9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් පාසල් නිවාඩු දිනයන්හි දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අයදුම් කරන්නේ නම් සිසුන්ගේ නම්, ඉගෙනුම ලබන පාසල, ශ්‍රේණිය, දුරකථන අංකය, ලිපිනය යන තොරතුරු ග්‍රාම සංවර්ධන නිලධාරි වෙත ලබා දෙන්න. පුහුණුව අවසන වටිනා සහතිකයක්ද පිරිනැමේ. වැඩිදුර විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

11. 2023.05.16 දින ප.ව.1.00 සිට ප.ව.3.00 දක්වා පමුණුව විද්‍යාලයේදී 9 ශ්‍රේණියේ සිසුන් සඳහා කාණ්ඩ විෂයන් තෝරාගැනීමේ මාර්ගෝපදේශ වැඩසටහනක් හා 11 ශ්‍රේණියේ සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් පැවැත්වේ.

12. කෘෂිකර්ම අංශයේ සම්පත් දායකත්වයෙන් මුරුතවත්ත වසමේ කුඩා පරිමාණ සත්ත්ව ගොවිපලවල් සඳහා අතිරේක සත්ත්ව ආහාරයක් ලෙස ඇසොල්ලා වගාව හඳුන්වාදීමේ වැඩසටහනක් මැයි 19 සිකුරාදා දින පැවැත්වේ.

13. ගැටුම් කළමනාකරණය හා සමථකරණය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.18 දින ප.ව.1.00ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සමථ සංවර්ධන නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් හා මුල්ළමාවිය සංවර්ධන නිලධාරිගේ සංවිධානයෙන් පැවැත්වේ.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල ගිනි නිවීමේ සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2,223 හා 2021.04.09 දින ගැසට්පත්‍රයේ iv (අ) කොටසෙහි පලකරන ලද, මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල ගිනි නිවීමේ සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයඳුම්පත් කැඳවීමේ නිවේදනයේ 8 (ii) ඡේදයේ අයඳුම්පත් කැඳවීමේ අවසාන දිනය වශයෙන් සඳහන් 2021.05.10 දිනය 2021.07.30 දින දක්වා දීර්ඝ කරන බව දැන්වීමේ ගැසට් නිවේදනය 2021.07.16 දින ගැසට් පත්‍රයේ iv (අ) හි පළ කර ඇත.

 

 

chatbot

රාජ්‍ය ආයතනයකින් රාජකාරියක් ඉටු කර ගන්න එන බොහොම දෙනෙක්ගෙ චෝදනාවක් තමයි වැඩක් කරගන්න කිහිප වතාවක්  යන්න වෙනව කියන චෝදනාවයි මෙතනදි වැඩිපුර වෙන්නේ සේවා සපයන්නාගේ අඩුපාඩු වලට වඩා සේවා ලාභියාගේ පැත්තෙන් තියෙන අඩුපාඩුය.යම් රාජකාරියක් ඉටු කර ගන්න ඕනෑ කරන ලිපි ලේඛන මොනවාද කියලා දැනගන්න එක දවසකුත් ඒවා සම්පූර්ණ කරලා නැවත බාර දෙන්න තව දවසකුත් බොහෝවිට යන්න වෙනවා.  ඉතිං සම්පූර්ණ කරපු ලිපි ලේඛන වල කුමක් හෝ අඩුපාඩුවක් තිබුනොත් සේවාලාභියට වෙන්නේ තව පාරක් රස්තියාදු වෙන්න. රාජ්‍ය ආයතනයකින් රාජකාරියක් ඉටු කර ගන්න එන බොහොම දෙනෙක්ගෙ චෝදනාවක් තමයි වැඩක් කරගන්න කිහිප වතාවක්  යන්න වෙනව කියන චෝදනාව. මෙතනදි වැඩිපුර වෙන්නේ සේවා සපයන්නාගේ අඩුපාඩු වලට වඩා සේවා ලාභියාගේ පැත්තෙන් තියෙන අඩුපාඩු. යම් රාජකාරියක් ඉටු කර ගන්න ඕනෑ කරන ලිපි ලේඛන මොනවාද කියලා දැනගන්න එක දවසකුත් ඒවා සම්පූර්ණ කරලා නැවත බාර දෙන්න තව දවසකුත් බොහෝවිට යන්න වෙනවා.  ඉතිං සම්පූර්ණ කරපු ලිපි ලේඛන වල කුමක් හෝ අඩුපාඩුවක් තිබුනොත් සේවාලාභියට වෙන්නේ තව පාරක් රස්තියාදු වෙන්න. 


පවතින කොවිඩ් ප්‍රශ්නයත් එක්ක සේවාලාභි මහජනතාවට වගේම රාජ්‍ය ආයතන වල සේවය කරන නිලධාරින්ටත් ඒ විදිහට කීප වතාවක් රස්තියාදු වෙන්න සිදු වීම  සෞඛ්‍යය පැත්තෙන් හැමෝටම අවධානම් තත්වයක් ඇති වීමත් එක්ක රාජ්‍ය සේවා අන්තර්ජාලය ඔස්සේ ලබා දීම පහුගිය කාලය පුරාවටම එක්තරා විදියකට  පුළුල් වෙනවා අපිට දකින්න පුළුවන් වුනා. ඇත්තටම  අකාර්යක්ෂමයි කියලා චෝදනා ලබන රාජ්‍ය අංශයට තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගත් නවෝත්පාදනය  හරහා තමන්ගෙ කාර්යක්ෂමතාවය ඉහළ නංවාගන්න හැකි වෙලා තියෙනවා. 


යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ  අපිත් ඒ විදිහෙ පුංචි උත්සාහයක් ගත්තා. කිසියම් අවශ්‍යතාවක් ඉටු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සේවාලාභීන්ට ඒ සදහා අවශ්‍ය කරන ලිපි ලේඛන, අය කරන ගාස්තු, අනෙක් ආයතන වලින් ලබාගත යුතු අවසරයන් පිළිබඳව දැනුම්වත් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය වෙන ආකෘති පත්‍ර බාගත කරගන්න අවස්ථාව ලබා දීලා අනවශ්‍ය විදියට  රස්තියාදු වෙන එක නැවැත්වීමත් අපිට උවමනා උනා. ඒත් එක්කම කොට්ඨාශය පිළිබඳ මූලික තොරතුරු, කාර්යාලයේ වගේම ක්ෂේත්‍රය  තුළ වැඩ කරන අපේ නිලධාරීන්ගේ දුරකථන නාමාවලිය  වගේම මහජන පැමිණිලි හා දුක්ගැනවිලි ලබා ගැනිම වගේම ජාතික මට්ටමෙන් විවිධ රාජ්‍ය ආයතන ලබා දෙන සේවාවන් වෙත යොමු කිරීම් හා සේවා වැඩි දියුණුව සඳහා සේවාලාභීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම කියන මූලිකාංග කිහිපයක් ආවරණය වෙන විසඳුමක් නිර්මාණය කරන්න සැලසුම් උනා. ඒත් එක්කම තොරතුරු පනත ට අනුව ප්‍රගාමී ව ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු වඩා පහසුවෙන් මහජනතාව අතරට ගෙන යාම එක් අරමුණක් වුණා.  අපේ ප්‍රාදේශීය  ලේකම්තුමිය රුවන්දිකා හෙන්නායක මැඩම්ගෙ මග පෙන්වීම හා දිරි ගැන්වීම යටතේ  ඔය ඉහත කියපු වැඩ ටික කරගන්න අද කාලෙට වඩාත් ගැලපෙන විදිහෙ චැට් බොට් වැඩසටහනක් සැලසුම් විය.  චැට් බොට්ගෙ නිර්මාණකරුවා උනෙ  සංවර්ධන නිලධාරි තුසිත ගුණවර්ධන  මහතාය. දැවැන්ත පෞද්ගලික සමාගම්වල චැට් බොට් අධ්‍යයනය කරලා අපිට ගැලපෙන විදිහේ විසඳුමක් ඔහුගෙන් නිර්මාණය උනා. සේවාලාභී මහ ජනතාව අතරට චැට් බොට්ව අරන් යන්න යටිතල පහසුකම විදියට භාවිතා කරේ අද කාලෙ බොහෝ දෙනෙක් භාවිතා කරන වට්සැප් ජාලය. වැඩේ කරද්දි ලොකු අභියෝග රාශියක් තිබ්බා. ප්‍රාදේශීය ලේකම් තුමිය ඒ හැම තැනදිම මේ ප්‍රොජෙක්ට් එක පිටිපස්සෙන් හිටියා. අපිට ආව ලොකුම ප්‍රශ්නය උනෙ භාෂා තුනෙන්ම සේවා සපයන එක. ඒ ගැටළුව විසදගන්න භාවිතා කරේ ගූගල් ට්‍රාන්ස්ලේට්. ගූගල් ට්‍රාන්ස්ලේට් කියන්නෙ නිවැරැදි විදියටම පරිවර්තනය කරල දෙන ටූල් එකක් නොවෙන හින්දා මේ චැට් බොට් පාවිච්චි කරන යම් කෙනෙක්ට තියෙන්න පුළුවන් පුංචි පුංචි දෝෂ නිසා යම් සිත් රිදීමක් ඇති වෙනවනම් ඔන්න මුලින්ම ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරලා සමාව ගන්නවා. හැබැයි දකින අඩුපාඩුවක් පිළිබඳව අපිට කිව්වොත් ඒ දොස් නිවැරැදි කරගන්න ලොකු උදව්වක් වෙයි. 
2021 අවුරුද්දෙ ජනවාරි පලවෙනිදා අපේ චැට් බොට් නිල වශයෙන් ජනගත උනා. ඒ තොරතුරු තාක්ෂණය මත පදනම් වෙන නවෝත්පාදනය මගින් කාර්‍යක්ෂමතාව වැඩි කිරීම ගැන නිරන්තරයෙන් නිලධාරීන්ව  දිරි ගන්වන හා ඒ සඳහා නිලධාරීන් මෙහෙය වන  මාතලේ දිස්ත්‍රික් ලේකම් තුමා එස්.එම්.ජී.කේ පෙරේරා මහතාගේ සුරතින්.
චැට් බොට්ව හදුනාගන්න කැමති අයට වට්ස්සැප් එකෙන් චැටක් දාන්න එයාගෙ නම්බර් එක 074 101 2996. මෙතනදි දැනුවත් කරන්නෙ අපේ කාර්‍යාලයෙන් සේවා ලබාගන්න කොට්ඨාසයේ පදිංචි ජනතාව උනාට ලංකාවෙ ඕනම කෙනෙක්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඉටු කරගන්න ඕනෙ කාර්‍යක් ගැන මේ චැට් බොට්ගෙන් දැනගන්න පුලුවන්. ආ තව දෙයක්. එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යල සමහර රාජකාරි ඉටු කරල දෙන්න වෙනත් අත්‍යාවශ්‍ය ලේඛනයක් ඉල්ලන්නත් පුලුවන්. ඒ අය ඒ හින්දා මේ චැට් බොට් කියල දෙන දේවල් මග  පෙන්වීමක් විදියට භාවිතා කිරිම  වඩා සුදුසුයි. මේ අපේ චැට් බොට්ගෙ වර්ෂන් 1.0. මෙයාව තව දුරටත් ඔප මට්ටම් කරගන්න ඔබේ අදහස් උදහස් සියල්ල අපිට ඕනෙ කරනවා. එහෙමනම් චැටක් දාලා බලන්න. ලංකාවෙ රාජ්‍ය ආයතනයක නිර්මාණය වෙන මුල්ම චැට් බොට් වෙන්න බොහෝ දුරට ඉඩතියන අපේ චැට් බොට්ගෙ නිර්මාණකරු තුසිතගෙ මහන්සියට කැප කිරීමට වගේම වැටි වැටී නැගිටින්න තිබ්බ හිතේ හයියටත් වචනයෙන් හරි උදව් කරපු දිරි ගන්වපු සියළු දෙනාටමත් හදවතින්ම ස්තුතියි..

News & Events

Scroll To Top