
ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ෆේස්බුක් පිටු අතර සිව්වන ස්ථානයට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ෆේස්බුක් පිටුව ඔසවා තැබූ පරිශීලක ඔබට බෙහෙවින්ම ස්තුතියි..



ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2018 ජාතික ඵලදායිතා තරගාවලියේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වී ඇත.
"විශිෂ්ඨ මහජන සේවයක් තුළින් තිරසාර සංවර්ධනයක්" යන දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනිමේ ගමන් මග තුළ අප ලද මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වන ලද කාර්යාලයීය කාර්යමණ්ඩලය වෙත හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා ලාභී සියළුදෙනා වෙත අපගේ ස්තුතිය පුද කර සිටිමු.
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ... අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාණ්ඩයේ ජාතික මට්ටමේ තෙවන ස්ථානය දිනාගත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුල.. "විශිෂ්ඨ මහජන සේවයක් තුළින් තිරසාර සංවර්ධනයක්" යන දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනිමේ ගමන් මග තුළ අප ලද මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වන ලද කාර්යාලයීය කාර්යමණ්ඩලය වෙත හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා ලාභී සියළුදෙනා වෙත අපගේ ස්තුතිය පුද කර සිටිමු. |
![]() |
|||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
උඳුවප් ගී මියැසිය 2018
යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
6 වෙනි වරටත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උඳුවප් ගී මියැසිය අති සාර්ථකව පසුගියදා කාර්යාලීය භූමියේ දී පැවැත්විණි.
2018 දෙසැම්බර් මස හත් වෙනි සිකුරාදා(07) දින පෙරවරු 11.00ට පමණ උඳුවප් ගී මියැසියේ සමාරම්භක මොහොත සනිටුහන් කළේ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ සියලු දෙනා අතින් ඒකාලෝක කළ පොල්තෙල් පහන් සිළුවෙනි.
කාර්යාලයේ සියලුම නිලධාරීන් එනම් සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන් ග්‍රාම නිලධාරීන්,අන්තර් කාර්යය මණ්ඩලය එක්ව සහභාගි වන අප කාර්යාල පවුලේ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස උඳුවප් ගී මියැසිය හඳුන්වා දිය හැක්කේ වසර අවසානයේ සංගීතමය හෝරා කිහිපයක් අප එකට එක්ව ගත කරන නිසාවෙනි.
පූජා නර්තනයෙන් ආරම්භ වූ පසු වෙනදා වගේම උඳුවප් ගී මියැසිය සරසන ගායක සුරංග නලීන් මහතා "මේ ජීවනයේ" ගීයෙන් ගීත හෝරාව ආරම්භ කළේය. ගීතයට, නර්තනයට, නාට්‍යයට අප වේදිකාව මෙලෙස නිරන්තරයෙන් වෙන්කර දෙන්නා වූ ප්‍රාදේශීය ලේකම් ඩී. ආර්. කේ. හෙන්නායක මෙනවිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න මහතා ද එමෙන්ම අප පරිපාලන නිලධාරීතුමන්ද හදපිරි ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
අතිරේක දිස්ත්‍රික් ලේකම් එල්.පී.මඳනායක මහතා අප හා එක් වුණේ වැඩසටහන යන අතරමඟකදීය.එතුමා අතින් මෙවර රාජ්‍ය සේවා ක්‍රීඩා ශූරතා සම්මානය කාර්යාලීය නිලධාරීන්ට පිරිනැමුණි.
අනතුරුව දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ.පෙරේරා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) අයි.ඩී.පී.විජේතිලක මහතා, මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ.එල්.පී.මධුවන්ති මිය, නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න මිය, නාවුල සහකාර ප්‍රාදේශීය ලේකම් සජිනි දසනායක මිය, මාතලේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සජීවා විතානගේ මිය, ප්‍රධාන ඉංජිනේරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පණ්ඩුල පල්ලෙකුඹුර මහතා, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එච්.එම්.ඩබ්.හේරත් මිය යන සියලුම මාණ්ඩලික නිලධාරීන් අප හා එක්වෙමින් උඳුවප් ගී මියැසියට නව අරුතක් ගෙනත් දුනි.
ඔවුන් අතරින්ද මාතලේ ප්‍රාදේශීය ලේකම් මධුවන්ති මහත්මිය එමෙන්ම පණ්ඩුල පල්ලෙකුඹුර මහතා සුමියුරු ගීත ගයමින් උඳුවප් ගී මියැසිය ආලෝකමත් කළා.
කෙසේ වෙතත් යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුලේ සියලුම නිලධාරීනගේ සුහදශීලී එකමුතුකම මත සුවිශේෂී හැකියාවක් තුළින් එක්ව දියත් කරන ලද තවත් සුන්දර උඳුවප් ගී මියැසියක් මෙලෙසින් නිමාවට පත්වුනේ ඉතිහාසයට සොඳුරු මතකයක් එක් කරමිණි.
සංවර්ධන නිලධාරී
සමන්ති ප්‍රේමරත්න

























